
කොවිඩ් වසංගත දීමනාව සැප්තැම්බර් 30 වනදායින් පසුවද ගෙවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ ජාතික කැබිනෙට්ටුවේදී සියලු ප්‍රාන්ත අගමැතිවරුන් විසින් ඊට අනුමැතිය දුන් බවයි.
කොවිඩ් ආසාධිතයෙකු හෝ ආශ්‍රිතයෙකු බවට පත්ව හුදකලාව සිටීම හමුවේ රැකියා පැය ගණනක් අහිමිවන වයස අවුරුදු 17 ට වැඩි ඔස්ටේ්‍රලියානු පුරවැසියන් වෙනුවෙන් දීමනාවක් මේ දක්වා ගෙවනු ලැබුවා.

ඒ අවම වශයෙන් සතියකට පැය 08 ක සේවා කාලයක් අහිමිවූයේ නම් ඩොලර් 450 ක් ලෙසද – පැය 08 ත් 20 ත් අතර කාලයක් අහිමිවූයේ නම් ඩොලර් 750 ක් ද ලෙසයි.
එය ලබන 30 වනදායින් අවසන්වීමටයි නියමිතව තිබුණේ.

හුදකලාව සිටීමේ රෙගුලාසි තවදුරටත් බලාත්මක වන බැවින් දීමනාවද අඛණ්ඩව ගෙවිය යුතු බවට එකගතාවය පළවූ බවයි අගමැති ඇල්බනීස් සඳහන් කර සිටියේ.
කෙසේවෙතත් මාස 06 ක කාලයක් තුළ උපරිම අවස්ථා 03 ක් සඳහා පමණක් මෙම දීමනාව ගෙවීමට සංශෝධනය වී තිබෙනවා.
මේ දක්වා ගෙවා ඇති සමස්ත දීමනා ප්‍රමිනය ඩොලර් බිලියන 2.2 ක්.