02 වන එළිසබෙත් මහ රැජිණගේ දේහය බකිංහැම් මාළිගාව වෙත රැගෙනවිත් තිබෙනවා.
අනතුරුව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (14) පස්වරුවේ එය පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙනයාමට නියමිතයි.
එහි දින 04 ක් රැජිණගේ දේහය තැන්පත් කර තැබෙන්නේ මහජන ගෞරවය සඳහායි.
බකිංහැම් මාළිගාවේ සිට පාගමනින් වෙස්ට්මිනිස්ටර් දක්වා දේහය රැගෙනයන අතර 03 වන චාල්ස් රජු සහ විලියම් හා හැරී කුමරුන්ද ඊට සහභාගී වනු ඇති.
හෙට සිට ලබන ඉරිදා දක්වා වන දින 04 දී එළිසබෙත් රැජිණට දහස් සංඛ්‍යාත පිරිසක් අවසන් ගෞරව දක්වනු ඇතැයි අපේක්ෂිතයි.
රාජකීය අවමංගල උත්සවය යෙදී ඇත්තේ ලබන ඉරිදාටයි.
මේ අතර රුසියාව – බෙලරුසියාව සහ මියන්මාරයට රාජකීය අවමංගල උත්සවය සඳහා ආරාධනා නොකරන බව බ්‍රිතාන්‍ය රජය තහවුරු කර තිබෙනවා.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල නිරතවීම ඊට හේතුවයි.