ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට තවත් සුපිරි ජයක් – සනත්ගෙන් අගනා පන්දු යැවීමක්

ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේදී තවත් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම ළකුණු 78 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

සනත් ජයසූරිය සුපිරි පන්දු යැවීමක නිරත වූයේ ළකුණු 03 කට කඩුලු 04 ක් බිඳ හෙලමිනුයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 14 යි පන්දු 03 කදී කඩුලු 03 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

ඩිල්ෂාන් මුණවීර 24 ක්ද – උපුල් තරංග 23 ක්ද – නායක ටී එම් ඩිල්ෂාන් 15 ක්ද ලබාගත්තා.

මේ අනුව ප්‍රසාද ළකුණු සටහනේ පෙරමුණ ගැනීමටත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »