
නිවාස කුළී ඉහළයාම සහ සෙසු වියදම් කැපී පෙනෙන ලෙස වැඩිවීමත් සමග වයස්ගත ඔස්ටේ්‍රලියානුවන් aged care වෙත යොමුවීම ඉහළ ගොස් තිබෙනවා.
වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් 500 දෙනෙකු යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ නිවාස මිළ ගණන් සහ කුළී වාරික ඉහළයාම ඔවුන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව බවයි.
ඊට සහභාගීවූවන්ගෙන් සියයට 80 කට වැඩි පිරිසක් පවසා ඇත්තේ තමන්ගේම නිවසක ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට කැමැත්තෙන් පසුවන නමුත් ඉහළ යන ජීවන වියදම හමුවේ එය ප්‍රායෝගික නොවන බවයි.

එබැවින් aged care වෙත යොමුවීමට සිදුවන බවද ඔවුන් පවසා තිබෙනවා.
මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බවද සඳහන්.
