
02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු ඇයගේ රුව ඇතුළත් කාසි සහ නෝට්ටු සඳහා ඔස්ටේ්‍රලියාව තුළ ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබෙනවා.
අලුතින් නිකුත් කෙරෙන කාසිවල චාර්ල්ස් රජුගේ රුව මුද්‍රණයත් සමග රැජිණගේ රුව සහිත කාසි දුර්ලභ වනු ඇති බවට මතයක් නිර්මාණය වී තිබීම ඊට හේතුවයි.
2013 වසරේදී නිකුත් කල එළිසබෙත් රැජිණගේ රාජ්‍ය ලාංඡනය සහිත සමරු කාසියක් ඇයගේ මරණයට පෙර අලෙවි වූයේ ඩොලර් 50 ක මුදලකටයි.

කෙසේවෙතත් මේ වනවිට එය ඩොලර් 125 ත් 150 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
රැජිණගේ පදවි ප්‍රාප්තියේ ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් මෙම වසරේ මුලදී නිකුත් කල සමරු කාසියේ වටිනාකමද ඩොලර් 100 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

සෙසු සියලු කාසිවල වටිනාකමද සියයට 40 ත් 50 ත් අතර අගයතින් වැඩිවී ඇති බවයි වෙළඳපොළ වාර්තාවල දැක්වෙන්නේ.
නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍ය ඇන්ඩෲ ලේ මාධ්‍ය හමුවකදී සඳහන් කලේ දැනට භාවිතයේ ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි තවදුරටත් වලංගු වන බවයි.
1966 වසරේ සිට එලෙස නිකුත් කර ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි සංඛ්‍යාව බිලියන 50 ක් පමණ වනවා.