සිඩ්නි Star Casino වැසේ ? – 8000 කට රැකියා අහිමිවෙයි ?

යෝජනා කර ඇති වෙනස්කම් දින 14 ක් ඇතුළත සිදු නොකරන්නේ නම් බලපත්‍රය අහෝසිවීමේ අවධානමකට සිඩ්නි හි Star Casino ආයතනය මුහුණ පා සිටිනවා.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වල මූලස්ථානයක් බවට එය පත්ව ඇති බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක සඳහන් වුණේ.

මෙම නව නියෝගයත් සමග 8000 කට ආසන්න පිරිසකගේ රැකියා අහිමිවීමේ අවධානමක්ද උද්ගතව තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය ඇතුලු චෝදනා මාලාවක්ද Star Casino වෙත එල්ල වී තිබෙනවා.

අදාළ වගකිවයුත්තන්ට එරෙහිව විනය පියවර ගැනීමයි ලැබී ඇති නියෝග මාලාවේ ප්‍රමුඛම නිර්දේශයක් වන්නේ.

Star Casino අයත් Star Entertainment සමූහය පවසන්නේ චෝදනා ඇතුළත් වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවයි.

දින 14 ක් ඇතුළත ඊට ප්‍රතිචාර දක්වන බවත් ඔවුන් සඳහන් කරනවා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »