වසර 2 1/2 කට පසු NSW ප්‍රාන්තයෙන් සරම්ප රෝගියෙක්

සරම්ප (measles) රෝගියෙකු හමුවීමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

2020 පෙබරවාරි මාසයෙන් පසු පළමු වරටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සරම්ප රෝගියෙකු හමුවී ඇත්තේ.

වයස අවුරුදු 50 ක් පමණ වන අයෙකු ආසියානු රටක සංචාරය කර පැමිණීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලා.

ඔහු විසින් රෝග ලක්ෂණ පහළ කිරීමෙන් පසු ගමන් කර ඇති ස්ථාන සහ වේලාවන් පහත පරිදියි.

  • St Andrew’s Catholic Church Malabar for mass, Sunday 4 September at 10.30am
  • Tyree Energy Building, University of NSW on Tuesday 6 September (all day)
  • Lounge Restaurant, University of NSW on Tuesday 6 September, 12.15pm to 2pm
  • Pacific Square, Maroubra on Wednesday 7 September, 9am to 11am

ඉහත ස්ථානවල සිටි කවරෙකුට හෝ සැප්තැම්බර් 24 වනදා දක්වා සර්ම්ප රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්නම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

සරම්ප රෝග ලක්ෂණ මොනවාද?

සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන විට මතුවන රෝග ලක්ෂණවලට සමානයි. ක්‍රම ක්‍රමයෙන් වැඩිවන උණ දින 2,3ක් පවති. ඇඟපත වේදනාව, ආහාර අරුචිය, නාසයෙන් හොටු දියර ගැලීම, කැස්ස පළමුව ඇති වී පසුව ඇස් රතුවී ඇස් රුදාව ඇතිවේ.

සිරුරේ රතුවන් ලප කැළැල් ඇති වන්නේ ඊට පසුවයි. රතු ලප ඇතිවීමට දින 2කට පෙර සිටම ලොප්ටික් ලප (Loplik spots) නමින් රතු ලපය මැද පිහිටි අලුවන් සුදු තිත් සහිත කැළැල් වර්ගයක් මුඛය තුළ බිත්තියේ දක්නට ලැබෙනවා.

කන පිටුපස ඇතිවන රතුවන් බොඳ වී ගිය ලප සෙමින් බෙල්ල ප්‍රදේශයටත් පසුව නළලටත්, මුහුණට සහ කඳ ප්‍රදේශයටත් පැතිර යනවා.

එම rash එක මතුවන විට උණ අඩුවී යයි. සතියක් පමණ පවතින රතු කැළැල් සෙමින් බොඳ වී ගොස් හම දුර්වර්ණ භාවයට අවසානයේදී පත්වේ. පසුව සමේ උඩ ස්ථර ඉවත් වීමත් සමඟ සමෙහි නියම පැහැය ඇති වේ.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »