
වසර 86 කට පසු කැන්ගරුවෙකුගේ පහරදීමකින් ඔස්ටේ්‍රලියාව තුළදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පර්ත් නගරයට කිලෝමීටර් 400 ක් දුරින් පිහිටි රෙඩ්මන්ඩ් නගරයේදී මෙලෙස මියගොස් ඇත්තේ 77 හැවිරිදි පුද්ගලයෙකුයි.
ඔහු විසින් දීර්ඝ කලක් සුරතල් සත්වයෙකු ලෙස රැකබලා ගත් කැන්ගරුවෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබීමද විශේෂත්වයක්.

බරපතල තුවාල ලැබූ තැනැත්තාට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැමිණ ඇතත් ඔවුන්ටද ඒ සඳහා කැන්ගරුවා අවස්ථාව ලබානොදී බාධා කර තිබෙනවා.
පසුව සත්වයාට වෙඩි තැබීමටද ඔවුන්ට සිදුව තිබුණා.

ඔස්ටේ්‍රලියාව තුළ කැන්ගරුවන් කෝටි 05 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර පහරදීම් සුලභ කරුණක් වන්නේ නැහැ.
අවසාන වරට කැන්ගරු පහරදීමකින් මෙරටදී පුද්ගලයෙකු මියගොස් තිබුණේ 1936 වසරේදීයි.