
දෙසැම්බර් අග වනවිට ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙවීමට ඉතිරිව පවතින උකස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 158 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.
මෑතකාලීන පොළී අනුපාත ඉහළ දැමීම් හරහා ගෙවීමට පවතින ණය ප්‍රමාණයද ඉහළ අගයක් ගැනීමයි ඊට හේතුව වන්නේ.
පසුගිය වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී ලබාගත් උකස් ණය අතුරින් බහුතරයක් ස්ථිර පොළී (fixed rate) අනුපාත යටතේ ලබාගත් ඒවා වන අතර එම අගයන් ලබන දෙසැම්බරයෙන් පසු වෙනස්වීමද ප්‍රධාන හේතුවක් වි තිබෙනවා.

ඔස්ටේ්‍රලියානුවන් විසින් ගෙන ඇති උකස් ණයෙහි මාසික වාරික වැඩිවීමේ සාමාන්‍යය ඩොලර් 641 ක් බවටයි දැනට ගණන් බලා ඇත්තේ.
මෙය බොහෝ උකස් ණය ලාභීන්ට බරපතල ගැටලුවක් වනු ඇති බවටත් අනතුරු ඇගවෙනවා.
