Search

Long COVID නිසා වසරකට $ බිලියන 5.2 ක පාඩුවක්

Long COVID තත්ත්වය සතියකට ඩොලර් මිලියන 100 ක ආර්ථික බලපෑමක් ඇති කරන අතර එය වාර්ෂිකව ඩොලර් බිලියන 5.2 ක් පමණ වන බව The Australian Financial Review වාර්තා කළේය.

Jama Network හි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකින් මානසික පීඩා ඇති පුද්ගලයින් long COVID සහ ඒ ආශ්‍රිත රෝග වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති බව හෙළි විය.

මානසික පීඩාවට මානසික අවපීඩනය, කාංසාව, කනස්සල්ල,ආතතිය සහ තනිකම ඇතුළත් වේ.

මේ වසරේ residential aged care පහසුකම් වලදී ඔස්ට්‍රේලියානුවන් 3,000 කට වැඩි පිරිසක් COVID-19 නිසා මිය ගිය බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

සමීප ආශ්‍රිතයින් පිළිබඳ නීති වෙනස් නොකළ යුතු බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව පසුගිය සතියේ නිර්දේශ කළේය.

(SBS)

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »