නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skills lists ප්‍රකාශයට පත් කරයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skills lists හෙවත් නිපුණතා ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2022-23 වසරේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටා සලකා බැලීමේදී මෙවරත් ඉහළම කෝටාව ලැබී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.

නිව් සවුත් වේල්ස් මෙවර කෝටාව 12,290 ක් වන අතර පසුගිය වසරේ ලැබී තිබුණේ 9,840 කි.

2022-23 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම සංක්‍රමණ වීසා කෝටාවට හිමිකම් කියන්නේද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙවර සංක්‍රමණ කෝටාව පහත අයුරින් බෙදා වෙන් කර ඇත.

Skilled Nominated visa හෙවත් 190 වීසා – 7,160
Skilled Work Regional visa හෙවත් 491 වීසා – 4,870
Business Innovation and Investment Program – 260

මෙහිදී ඉතිහාසයේ පළමු වරට අදාළ නිපුණතා ලැයිස්තුවල අඩංගු වෘත්තීන් හරහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන අවම ලකුණු මට්ටමද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

වැඩි විස්තර :

https://www.nsw.gov.au/visas-and-migration/skilled-visas/nsw-skills-lists

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »