Search

අගමැති ඇල්බනීස් ලන්ඩන් නුවරට – 2025 තෙක් ජනරජ කථා නෑ

තමාගේ පළමු ධුර කාලය අවසන් වන තුරු ඔස්ටේ්‍රලියාව ජනරජයක් බවට පත්වීමට අදාළ ජනමත විචාරණ නොපවත්වන බව අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කර තිබෙනවා.

වත්මන් ලේබර් රජය ප්‍රමුඛත්වය දී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට නොව පාර්ලිමේන්තුවේ ස්වදේශික නියෝජනයක් ඇතිකර ගැනීමට බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඔස්ටේ්‍රලියාව සහ මහා බ්‍රිතාන්‍යය අතර ශක්තිමත් සබඳතාවය තවත් දීර්ඝ කාලයක් පැවතිය යුතුය යන්න ඇන්තනී ඇල්බනීස්ගේ ස්ථාවරයයි.

එබැවින් මීලග ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන 2025 වසර වන තෙක් හෝ අවම වශයෙන් ජනමත විචාරණයක් නොපවත්වන බවටයි අගමැතිවරයා සහතික වන්නේ.

මේ අතර රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට අගමැති ඇන්තනී ඇල්බනීස් ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »