රැජිනගේ දේහය බැල්මොරල් මාලිගයෙන් රැගෙන යයි

අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිටත් තැන්පත් කර ඇත්තේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේයි.

එරට වේලාවෙන් අද උදෑසන 10 ට දේහය බැල්මොරල් මාලිගයෙන් පිටතට ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන් අනතුරුව එය ස්කොට්ලන්තයේ අගනුවර වන එඩින්බර්ග් හි හෝලිරූඩ් මාලිගය වෙත රැගෙන ගොස් එහි තැන්පත් කෙරෙනු ඇති.

බැල්මොරල් මාලිගයේ සිට සැතපුම් 172 ක පමණ දුරකින් පිහිටි හෝලිරූඩ් මාලිගය වෙත රැජිනගේ දේහය රිය පෙරහරකින් රැගෙන යාම සඳහා පැය 06 කට ආසන්න කාලයක් ගත වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව හෝලිරූඩ් මාලිගය තුළ දේහය හෙට පස්වරුව වන තෙක් තැන්පත් කරනු ඇති.

එය ලන්ඩනය බලා රැගෙන එන්නේ ඉන් අනතුරුවයි.

මේ අතර අභවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංග්‍ය උත්සවයට බ්‍රිතාන්‍යය දින නියම කර තිබෙනවා.

ඒ අනුව ලබන 19 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී රාජකීය අවමංග්‍ය උත්සවය පැවැත්වෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »