Search

නාමල් – රෝහිත – පවිත්‍රා ඇතුලු 12 කට යළි කැබිනට් ඇමතිකම් ?

කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් තවත් දොළොස් දෙනකු පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන් දහදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බවද දැනගන්නට ඇත.

නාමල් රාජපක්ෂ,රෝහිත අබේගුණවර්ධන,සී බී රත්නායක ,පවිත්‍රා වන්නිආරච්චි,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,විමලවීර දිසානායක ,ආචාර්ය සරත් වීරසේකර , එස් එම් චන්ද්‍රසේන ඇතුළු දහ දෙනකුගේ නම් පොහොට්ටුවෙන් යෝජනා කර ඇත.

ජීවන් තොණ්ඩමන් සහ ඒ එල් එම් අතාවුල්ල යන මහත්වරුන් සෙසු පක්ෂ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනටමත් යවා ඇතැයි දැනගන්නට තිබේ .

නව කැබිනට් මණ්ඩලය මේ සතියේ දී පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යවරුන් පත්කිරීමේ දී විෂය පථයන් වෙනස් වන බැවින් ,කැබිනට් මණ්ඩලයම යළි දිවුරුම් දීමට නියමිතව ඇති බවද පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා කර ඇති තවත් නම් දෙකකට ඇතැමුන්ගේ විරෝධය පළ වී ඇති බවද පැවසේ.

(LANKADEEPA)

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »