රැජිණගේ රුව තවත් දීර්ඝ කාලයක් අතින් අතට යන ළකුණු

02 වන එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වූවද ඇයගේ රුව ඇතුළත්ව රටවල් ගණනාවක භාවිත කෙරෙන මුදල් නෝට්ටු සහ කාසි තවත් දීර්ඝ කාලයක් පුරා සංසරණය වනු ඇති බවට මත පළවනවා.

එමෙන්ම ඒවා තවදුරටත් වලංගු බැවින් ජනතාවට භාවිත කිරීමේදී කිසිදු ගැටලුවක් පැණ නොනගින බවයි එක් එක් රටවල මහ බැංකු සහ සංචිත බැංකු අවධාරණය කරන්නේ.

බ්‍රිතාන්‍යය – කැනඩාව – නවසීලන්තය සහ ඔස්ටේ‍රලියාව ඇතුලු රටවල් ගණනාවක භාවිත කෙරෙන මුදල් නෝට්ටුවල සහ කාසිවල රැජිණගේ රුව අන්තර්ගත වනවා.

ඉදිරියේදී චාර්ල්ස් රජුගේ රුව ඇතුළත් නෝට්ටු සහ කාසිද සංසරණයට එක් කෙරෙන බැවින් එළිසබෙත් රැජිණ සහ චාර්ල්ස් රජු යන දෙදෙනාගේම රුව ඇතුළත් කාසි සහ නෝට්ටු භාවිත වනු දැකගත හැකියි.

මහා බ්‍රිතාන්‍යය තුළ දැනට භාවිත වන නෝට්ටු බිලියන 4.7 ක සහ කාසි බිලියන 29 ක රැජිණගේ රුව අන්තර්ගත වන බැවින් ඒවා මුලුමනින්ම භාවිතයෙන් ඉවත්වීමට නම් තවත් වසර ගණනාවක් ගතවිය හැකි බවයි ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »