කටුනායක ගුවන් තොටුපල විවෘත කරන දිනය තවත් කල් යයි.  – AusLanka TV – Australian News for the Sri Lankan community

කටුනායක ගුවන් තොටුපල විවෘත කරන දිනය තවත් කල් යයි. 

කටුනායක ගුවන් තොටුපල විවෘත කරන දිනය තවත් කල් යයි. 

කටුනායක ගුවන් තොටුපල විවෘත කරන දිනය තවත් කල් යයි.

එළෙඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා තිබියේදී රටත් ජනතාවත් අනතුරේ දමා ගුවන්තොටුපල විවෘත කිරීමට නොහැකි බව පෙන්වා දෙන රණතුංග මහතා ගුවන්තොටුපල විවෘත නොකලද විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කෙරෙන බවද අවධාරණය කරයි.

COMMENTS