
තෙවැනි චාල්ස් රජු දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාන්ත ජේම්ස් මාළිගාවේදී එම උත්සවය පවත්වා තිබේ.
බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් රැජිනගේ අභාවයත් සමග වේල්සයේ කුමරු චාල්ස් තෙවැනි චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් කර තිබුණි.

මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රජු පැවසුවේ තම මවගේ අභාවය ප්‍රකාශ කිරීම තමාගේ යුතුකමක් වන බවයි.
කෙසේවෙතත් එය ඉතා කණගාටුදායක කරුණක් බව ද ඔහු සඳහන් කළා.

“මම සිතනවා මුළු ලෝකයම, අප සියල්ලන්ම අත්විඳින ලද පිරිමැසිය නොහැකි පාඩුව ගැන කම්පා වනු ඇති බව. මගේ සහෝදරියන්ට සහ සහෝදරයන්ට බොහෝ දෙනෙක් දක්වන අනුකම්පාව දැනගැනීම මට ලොකුම සැනසීමයි.”
මෙම උත්සවයට ප්‍රිවි කවුන්සිලයේ සාමාජිකයින් 200 ක් සහභාගී වූ අතර හිටපු අගමැතිවරුන් වන බොරිස් ජොන්සන්, තෙරේසා මේ, ඩේවිඩ් කැමරන්, ගෝර්ඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර් සහ ජෝන් මේජර් ඇතුළත් වුනා.