
02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් අනතුරුව රාජකීය පවුල සහ ඔස්ටේ්‍රලියාව අතර සම්බන්ධතා පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
ඒ ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 15 ක් තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවතීම හේතුවෙනුයි.
එහි නවතම තොරතුර වාර්තා වන්නේ එක්සත් රාජධානියේ නව රජු ලෙස තව පැය කිහිපයකින් ඔටුණු පළදින 03 වන චාර්ල්ස් රජු පිළිබඳවයි.

ඔහු 1966 වසරේදී ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපනය හදාරා ඇති බව ඇතැමුන් නොදන්නා කරුණක්.
ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක් යටතේ පාසල් අධ්‍යයන වාර 02 ක කාලයක් සඳහා ඔහු මෙරටට පැමිණ අධ්‍යාපනය හදාරා ඇත්තේ මෙල්බන් හි Geelong Church of England Grammar පාසලේයි.

වේල්ස් කුමරුන් බවට පත්වූ පසුවද ඔහු අවස්ථා කිහිපයකදී ඔස්ටේ්‍රලියාවේ නිල සංචාර සඳහා පැමිණ තිබුණා.