
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනට ගරු කිරීම පිණිස ඔස්ටේ්‍රලියාවේ ගොඩනැගිලි ගණනාවක් ඊයේ රාත්‍රියේ දම් පැහැයෙන් ආලෝකමත් කර තිබුණා.
මෙල්බන් MCG ක්‍රීඩාංගණය – Flinders Street දුම්රිය ස්ථානය – සිඩ්නි ඔපෙරා රගහල ද ඒ අතර වුණා.
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් තබා ඇති සටහනක දැක්වෙන්නේ රැජිණ ගේ සේවය ඇගයීම සඳහා ප්‍රාන්තය විසින් කල හැකි ඕනෑම දෙයක් ඉටු කරන බවයි.

මේ අතර නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ ද රැජිණගේ මෙහෙය පැසසුමට ලක් කර තිබුණා.
1973 වසරේදී සිඩ්නි ඔපෙරා රගහල නිල වශයෙන් විවෘත කරනු ලැබුවේද එවක මෙරට නිල සංචාරයක නිරත වු දෙවැනි එලිසබෙත් රැජින විසිනුයි.
