
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අද පස්වරුවේ ලන්ඩන් නුවර වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
දේහය තවමත් බැල්මෝරල් මන්දිරයේ තැන්පත් කර ඇති අතර අනතුරුව එය එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් වෙත රැගෙනයාමට නියමිතයි.
පසුව දේහය ලන්ඩන් නුවරට රැගෙන එන්නේ රාජකීය දුම්රිය මගිනුයි.

අනතුරුව හමුදා ආචාර මැද රැජිනගේ දේහය බකිංහැම් මන්දිරයේ සිට වෙස්මිනිස්ටර් ශාලාව වෙත ගෙන ඒමට සැළසුම් කර තිබෙනවා.
දේහය එහි තැන්පත් කෙරෙන්නේ රාජකීය පවුලේ සාමාජිකයින්ට ගෞරවය දැක්වීමට අවස්ථාව ලබාදීමටයි.

දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමිවන්නේ ඉන් අනතුරුවයි.
රාජකීය අවමංගල උත්සවය සංවිධාන කර ඇත්තේ ලබන 19 වනදායි.