වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක අද සිට අලුත් කොවිඩ් නීතියක්

තවත් ප්‍රාන්ත 04 ක් අද සිට දෛනික කොවිඩ් දත්ත ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනු ලබනවා.

ඒ අනුව වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත එලෙස අද සිට දිනපතා කොවිඩ් සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකරනු ඇති.

නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, Northern Territory සහ Australian Capital Territory ඊයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කලා.

ඊයේ සිට බටහිර ඔස්ටේ්‍රලියානු ප්‍රාන්ත වැසියන්ට කුලී රථ ඇතුළු පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳීම අවශ්‍ය වන්නේ නැහැ.

අනෙකුත් ප්‍රාන්ත ද එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂිතයි.

 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »