Search

බැසිල් අමෙරිකාවට යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර සිටිනවා.

අද දින උදෑසන 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතයි.