Search

යුපුන් පස්වන ස්ථානයට

ස්විටසර්ලන්තයේ සූරික් නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා එක්වූ ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් පස්වන ස්ථානයට පත් වුණා.

මෙම තරගය සඳහා ලොව ප්‍රමුඛ පෙලේ කෙටි දුර ධාවන ශූරයින් වන යොහාන් බ්ලේක් සිම්බිනේ අකානි ටේ‍රවෝන් බ්‍රොමෙල් ආදීන් එක්ව සිටියා.

එහිදී ඉසව්ව නිමා කිරීම සඳහා තත්පර 9.94ක කාලයක් වැය කළ ඇමරිකා එක්සත් ජනපදයේ ටේ‍රවෝන් බ්‍රොමෙල් පළමුවන ස්ථානය දිනාගත් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් දෙවැන්නා ලෙස තරගය නිමා කළේ තත්පර 10.05ක කාලයක් වැය කරමින්.

කැනඩාවේ ආරොන් බ්‍රවුන් තුන්වැන්නා ලෙසටත් දකුණු අප්‍රිකාවේ සිම්බිනේ අකානි සිව්වැනියා ලෙසටත් තරගය නිමා කළා.

යුපුන් අබේකෝන් මීටර් 100 නිමා කිරීම සඳහා වැය කළ කාලය තත්පර 10.14ක් වූ අතර ඔහු තරගය නිමා කළේ පස්වැන්නා ලෙසටයි.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »