ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය 7.75% දක්වා වැඩිවනු ඇති බවට අනාවැකි

ඉහළ යන උද්ධමනය පාලනයට හැකි සෑම පියවරක්ම ගන්නා බවට ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපති ෆිලිප් ලෝ පවසනවා.

ගෝලීය ආර්ථික අවපාතයන් සහ සැපයුම් ජාල අඩාලවීම් සඳහා මුහුණදීමට ඔස්ටේ්‍රලියා ආර්ථිකයටද සිදුව ඇති බවයි ඔහු සඳහන් කලේ.

මෙම වසර අවසානවීමට පෙර තවත් අවස්ථා 02 කදී පමණ පොළී අනුපාත අගයන් ඉහළ දැමිමට මධ්‍යම සංචිත බැංකුවට සිදුවනු ඇති බවටද ඔහු අනතුරු අගවා සිටියා.

පසුගිය වසරේදී අනාවැකි පළකල මට්ටමට වඩා මෙම වසරේදී පොළී අනුපාතයන් ඉහළ අගයක් ගත් බව තමන් පිළිගන්නා බවද ෆිලිප් ලෝ දේශනයක් අතරතුර සඳහන් කලා.

මෙම වසර අවසන්වීමට පෙර උද්ධමනය සියයට 7.75 ක් වැනි අගයකට පත්වනු ඇති බවටත් ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »