මෙල්බන් ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්වයක්

සිඩ්නි සිට පැමිණෙමින් තිබූ ක්වන්ටාස් ගුවන් යානයක සිටි මගීන් 200 දෙනෙකු මෙල්බන් වෙත ගොඩබැස්වීමෙන් පසු වහා පිටතට පැමිණෙන ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම් දීමත් සමග මෙල්බන් ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්වයක් හටගෙන තිබෙනවා.

QF 487 ගුවන් යානයේ සිටි එක් ගුවන් මගියෙකු සිඩ්නි ගුවන් තොටුපළේදී නිසි ලෙස පරීක්ෂා කර නොමැති බවට ආරක්ෂක අංශ විසින් තහවුරු කරගෙන තිබීම ඊට හේතුවයි.

යානය උඩු ගුවනේදී මෙම අතපසුවීම හඳුනාගෙන තිබූ අතර මෙල්බන් දක්වා ගෙන ඒමෙන් පසු මෙම සිදුවීම වාර්තා වී තිබුණා.

යානය මෙල්බන් ගුවන් තොටුපළට ගොඩබැස්වීමත් සමග ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය – වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක අංශ විසින් ඊට දැඩි ආරක්ෂාවක් ලබාදී සියලු ගුවන් මගීන් දැඩි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඔවුන් කිසිවෙකුටත් වැසිකිළියකට හෝ යාමට අවසරයක් නොලැබුණු බව සඳහන්.

සියලුම ගුවන් මගීන් පූර්ණ පරීක්ෂාවට ලක් කිරීනේ අනතුරුව ඔවුන්ට මෙල්බන් ගුවන් තොටුපළෙන් පිටතට යාමට අවසර ලැබී තිබූ අතර කිසිදු සැකකටයුතු දෙයක් හමු නොවූ බව ආරක්ෂක අංශ කියාසිටියා.

 

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »