ඩාර්වින් හැර සෙසු සෑම අග නගරයකම කාන්තා බලය ඉහළට

ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන අගනගරවල ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස් කාණ්ඩ සම්බන්ධ නවතම තොරතුරු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊට අනුව පිරිමි ප්‍රතිශතය වැඩි අගයක් ගන්නේ Northern Territory හි අගනුවර වන ඩාර්වින් නගරයේ පමණක් වන අතර අනෙක් සෑම ප්‍රාන්තයකම අගනුවර වාසය කරන කාන්තා ප්‍රතිශතය ඉහළ අගයක් ගනු ලබනවා.

සමස්ත ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී කාන්තාවන් 100 කට සිටින පිරිමින්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ 98.2 ක් ලෙසයි.

වයස් සීමා සැළකීමේදී අඩුම මධ්‍යයන වයස සහිත නගරය බවටද ඩාර්වින් නගරය පත්ව සිටින්නේ අවුරුදු 34.5 ක් ලෙස වාර්තා කරමින්.

වැඩිම මධ්‍යයන වයස සහිත නගරය බවට දකුණු ඔස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් නුවර පත්ව තිබෙනවා.

වයස අවුරුදු 20 ත් 44 ත් අතර වයස් කාණ්ඩයේ ඔස්ටේ‍රලියානුවන්ගෙන් සියයට 37 ක්ම ප්‍රාන්ත අගනුවර වාසය කරන්නන් වන අතර වයස අවුරුදු 55 ට වැඩි වයස් කාණ්ඩයේ එය සියයට 26 ක් වනවා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »