
කොරෝනා වසංගතය හේතුවෙන් වික්ටෝරියානුවාසී ඔබට කුලී ගෙවීමේ අපහසුතා පවතී ද? එසේනම් ඔබ ඩොලර් 3000ක කුලී සහනයක් ලැබීමට සුදුස්සෙකු වනු ඇත.
If you are experiencing rental hardship due to COVID-19, you may be eligible for rent relief payments of up to $3,000.
කොරෝනා වයිරස් (COVID-19) වසංගතය හේතුවෙන් කුලී දුෂ්කරතා අත්විඳින වික්ටෝරියානුවන්ට ඩොලර් 3,000 ක් දක්වා කුලී සහන ගෙවීම සඳහා වික්ටෝරියානු රජය කුලී ආධාර අරමුදලක් පිහිටුවා ඇත. කුලී සහන ගෙවීම සෘජුවම කුලී නිවැසියන්ගේ නියෝජිතයාට හෝ ඉඩම් හිමියාට ගෙවනු ලැබේ.

අයදුම්කරුවන් සඳහා පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අවශ්‍යතා නොමැත. සුදුසුකම් ලැබිය හැකි අයදුම්කරුවන් අතර නිවාඩු හා වැඩ කරන වීසා බලපත්‍රවල අනියම් සේවකයින්, ජාත්‍යන්තර සිසුන්, පුහුණු වීසා බලපත්‍රලාභීන්, සෘතුමය සේවකයින්, නවසීලන්ත පුරවැසියන් සහ සියලු සරණාගත හා තාවකාලික ආරක්ෂණ වීසා බලපත්‍රලාභීන් ඇතුළත් වේ.
ඔබ ඔබේ නව කුලී ගිවිසුම පාරිභෝගික කටයුතු වික්ටෝරියා සමඟ ඉදිරිපත් කර ඇත්නම්, ඔබට අන්තර්ජාලයෙන් කුලී සහනය සඳහා ඉල්ලුම් කළ හැකිය.

මේ සඳහා සුදුසුකම් ලැබීමට ඔබ පාරිභෝගික කටයුතු වික්ටෝරියා සමඟ අඩු කුලී ගිවිසුමක් (reduced rental agreement) ලියාපදිංචි කර තිබිය යුතුය. කුලී කල් දැමීම කුලී අඩු කිරීමක් ලෙස නොසැලකෙන අතර එය සුදුසුකම් නිර්ණායක සපුරාලන්නේ නැත. ඔබේ ආදායම සතියකට ඩොලර් 1,903 ට වඩා අඩු විය යුතු අතර, ඔබට ඩොලර් 10,000 ට වඩා අඩු ඉතිරියක් තිබිය යුතු වේ. ඔබේ ආදායමෙන් අවම වශයෙන් සියයට 30 ක් කුලී වශයෙන් ගෙවනු ලැබේ.
පාරිභෝගික කටයුතු වික්ටෝරියා සමඟ ඔබේ ගිවිසුම ලියාපදිංචි කිරීම සඳහා, Coronavirus (COVID-19) and your rights page වෙත පිවිසෙන්න.
ඔබ ඔබේ නව කුලී ගිවිසුම පාරිභෝගික කටයුතු වික්ටෝරියා සමඟ ඉදිරිපත් කර ඇත්නම්, ඔබට පහත ලින්ක් එක හරහා කුලී සහනය සඳහා අයදුම් කළ හැකිය.
COMMENTS