Search

ඉලෙක්ට්‍රික් වාහන ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි ඇල්බනීස් රජයට බලපෑම්

විද්‍යූත් වාහන සඳහා බදු සහන දීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්නැයි ඇන්තනී ඇල්බනීස් රජයට එල්ලවන බලපෑම ඉහළගොස් තිබෙනවා.

ලිබරල් පක්ෂ මෙන්ම ග්‍රීන්ස් පක්ෂයේ ඇතැම් සභිකයන් පවා එම ස්ථාවරයේ පසුවන බව සඳහන්.

විද්‍යුත් වාහන සඳහා පණවා ඇති රේගු බදු ඇතුලු බදු කිහිපයක් ලිහිල් කරන බවටයි පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී රජය පොරොන්දුවක් දි තිබුණේ.

එමගින් විද්‍යුත් වාහන මිළ ගණන් ඩෙලෙර් දහස් ගණනකින් මිළ අඩුවිය හැකි බවත් රජය පෙන්වා දෙනවා.

කෙසේවෙතතත් මෙය අනෙකුත් වාහන මිළ ගණන්වලට එතරම් යහපත් තත්වයක් නොවන බවයි මන්ත්‍රීවරුන් රැසක් පෙන්වා දී ඇත්තේ.

එහෙත් ෆෙඩරල් භාණ්ඩාගාික අමාත්‍ය ජිම් චාමර්ස් මීට දැඩි විරෝධයක් පළකර තිබුණා.

කවරෙකු හෝ බදු කපා හැරීමකට විරුද්ධ වන්නේ ඇයිදැයි ගැටලු සහගත බවයි ඔහු කියාසිටියේ.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »