අගමැති ඇල්බනීස් සහ චීන ජනපති අතර සාකච්ඡාවක් ඉතා නුදුරේදී

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ චීන ජනාධිපති ෂී ජිංපිං අතර සාකච්ඡාවක් ඉතා නුදුරේදී පැවැත්වෙන ළකුණු පළවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සිටින චීන තානාපති Xiao Qian විසින්ද ඒ සම්බන්ධ ඉගියක් පළකර ඇති බවයි අද මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ.

විදේශ සබඳතා සහ වාණිජ දෙපාර්තමේන්තුව සමග තමන් ඒ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටින බවයි තානාපතිවරයා කියාසිටියේ.

වෙළඳ කරුණු සහ දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව සහ චීනය අතර සැළකිය යුතු කාලයක සිට මතභේදාත්මක වාතාවරණයක් පවතිනවා.

කෙසේවෙතත් අදාළ සියලු කරුණු සාකච්ඡා කර විසඳාගත හැකි ගැටලු බවයි චීන තානාපතිවරයා පෙන්වා දෙන්නේ.

 

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »