Commonwealth බැංකුවේ දෝශයකින් වැඩිපුර මුදල් අය කරලා

ඇතැම් ගණුදෙනුකරුවන් විසින් ඊයේ (06) දිනයේදී ATM කාඩ්පත් හරහා සිදුකල ගෙවීම් සඳහා අවස්ථා 02 කදී මුදල් අයකරගෙන ඇති බව Commonwealth බැංකුව අද නිවේදනය කලා.

දත්ත පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස දෙගුණයක් මුදල් අයවී ඇති බවයි Commonwealth බැංකුව අද සඳහන් කලේ.

කෙසේවෙතත් මේ වනවිට අදාළ තාක්ෂණික දෝෂය නිවැරදි කර ඇති අතර වැඩිපුර අයකල මුදල් ආපසු ගෙවීමට පියවර ගෙන ඇති බවද ඔවුන් දන්වා සිටිනවා.

ඊයේ දිනයේ ගණුදෙනු සිදුකල සියලු ගණුදෙනුකරුවන්ට මෙය බලපා නොමැති අතර එක්තරා පිරිසක් පමණක් මෙම දෝෂයට මුහුණ පා තිබෙනවා.

කිසියම් අයෙකුගෙන් දෙවරක් මුදල් අයවී ඇතත් මේ වනතෙක් වැඩිපුර අයකල මුදල ආපසු බැරවී නොමැතිනම් වහා Commonwealth බැංකුව අමතන ලෙසත් ඉල්ලීමක් කෙරෙනවා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »