
Australia Day දිනය ජනවාරි 26 හැර වෙනත් දිනයකට මාරු කල යුතු බවට වන යෝජනාව මෙල්බන් නගර කවුන්සිලයේ ඊයේ රාත්‍රී පැවති ඡන්ද විමසිමකදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
මේ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා එම යෝජනාව වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය වෙත යොමු කරන බවයි මෙල්බන් නගරාධිපතිනී සැලී කැප් සඳහන් කලේ.
මෙල්බන් පදිංචිකරුවන් 1600 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වූයේ සියයට 60 කට වැඩි පිරිසක් වෙනත් දිනයක Australia Day පැවැත්වීමට එකග බවයි.

කෙසේවෙතත් පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව මෙන්ම ජනවාරි 26 වෙනත් සැමරුම් සඳහා තවදුරටත් අවසරපත් නිකුත් කරන බවද මෙල්බන් නාගරික කවුන්සිලය නිවේදනය කර සිටිනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සමස්ත රටටම බලපැවැත්වෙන පරිදි Australia Day වෙනස් කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි.
