සිඩ්නි නගරයට පැමිණෙන රථවාහනවලින් නව ගාස්තු කිහිපයක් අය කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවට වාර්තා පළවනවා.
ඉදිරි වසර 50 සඳහා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කල ප්‍රවාහන ඉදිරි දැක්ම යටතේයි මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ.
දැනට මිලියන 8.2 ක් ලෙස පවතින ප්‍රාන්තයේ ජනගහණය 2061 වසර වනවිට මිලියන 11.5 ක් බවට පත්වනු ඇතැයිද එමගින් අධික රථවාහන තදබදයක් නිර්මාණය වනු ඇතැයිද පුරෝකථනය කර තිබෙනවා.
ඒ අනුව නගරයට ඇතුලුවන වාහන සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණ ඇතිවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නව ගාස්තු කිහිපයක් හඳුන්වාදීමට යෝජනා කර ඇත්තේ.
ඊට අමතරව footpaths ගණන වැඩි කිරීමටත් පා-පැදි / e-bikes සහ e-scooters භාවිතය ප්‍රචලිත කිරීමටත් පියවර රැසක් ගැනෙනු ඇති බවටත් අනාවැකි පළවනවා.