
මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ බව සඳහන් කළා.
මෙම මාසයේ මුල් දින 4 තුළ දී වැඩි ම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 844ක්.

ඊට අමතර ව, පිළිවෙළින් එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියා, ජර්මනිය ඇතුළු රටවලින් ද වැඩි සංචාරකයන් ප්‍රමාණයක් එම කාලය තුළ දී පැමිණ තිබෙනවා.
පසුගිය වසර හා සංසන්දනය කිරීමේදී මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ අපනයන ආදායම සියයට 12.9කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 7,678ක් බවය.
එසේම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අදාළ කාලසීමාවේ ආනයන වියදම පහළගොස් ඇති අතර එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 11,315කි.
එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 3.5ක පහළ යැමක් බව මහ බැංකුව පවසයි.
මේ අතර මේ වසරේ පසුගිය ජුලි මාසයේ ආනයන වියදම සියයට 24.8කින් පහළගොස් ඇති බවද මහ බැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
2022 ජූලි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දල නිල සංචිතය පිළිබඳ මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, චීනයේ මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළු ව ශ්‍රී ලංකාවේ දල නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් බවට යි වාර්තා වන්නේ.
එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5කට පමණ සමාන බව ද මහ බැංකුව පවසනවා.