
මාස කිහිපයකට පෙර ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිළධාරී Senior Sergeant Cameron Blaine තනතුරෙන් ඉල්ලා අස්වි තිබෙනවා.
ඔහුට එරෙහිව සිදු කෙරුණු අක්‍රමිකතා පරීක්ෂණයක් අතරතුරයි මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇත්තේ.
මෑතකාලීනව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක ප්‍රධාන විමර්ශන නිලධාරී ලෙසද කටයුතු කරනු ලැබුවේ Cameron Blaine විසිනුයි.

ක්ලියෝ ස්මිත් දැරිය සොයාගත් අවස්ථාවේදී එම ස්ථානයට ඇතුලුවු පොලිස් නිළධාරීන් 04 දෙනාට ඔහුද අයත් වුණා.
ඔහුගේ විනය විරෝධී හැසිරීමක් මෙම ඉල්ලා අස්වීමට බලපා නොමැති අතර රාජකාරිමය විමර්ශනයකට සහය පිණිස ඉල්ලා අස්වීමක් පමණක් සිදුවී ඇති බව සඳහන්.
