ලාංකික සංක්‍රමණිකයන්ගේ වටිනාකම හිටපු සංක්‍රමණ ඇමති පාර්-ලිමේන්තුවට කියයි

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යනු කුසලතාවලින් පරිපූර්ණ පිරිසක් බව හිටපු සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් පවසනවා.

ලාංකිකයන් බොහෝ පිරිසක් මෙරටට සංක්‍රමණය වී සාර්ථක අනාගතයක් ගොඩනගාගෙන ඇති බවයි ඔහු සඳහන් කලේ.

හිටපු අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති යෝජනා විවාදයේදී අදහස් දක්වමිනුයි.

ඔස්ටේ්‍රලිා – ශ්‍රී ලංකා සබඳතා වසර 75 ක අතීතයට දිවෙන බවයි ඇලෙක්ස් හෝව්ක් පෙන්වා දුන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරුණු තත්වයක පවතින බවත් ඉන්ධන – ආහාර සහ ඖෂධ සම්බන්ධයෙන් අස්ථාවර තත්වයක පවතින බවත් ඔහු සඳහන් කලා.

ශ්‍රී ලංකාවට හැකි අයුරින් ආධාර උපකාර කිරීම සඳහා විපක්ෂය ලෙස ඔස්ටේ්‍රලියානු ලේබර් පක්ෂ රජයට බලකරන බවයි හිටපු සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් කියාසිටියේ.

සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණුවලදීත් අවශ්‍ය පූර්ණ සහය ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් කියාසිටියා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »