Search

ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට

මහා බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂ නායකත්වයට එරට විදේශ ලේකම් ලිස් ට්‍රස් තේරි පත්වුණා.

ඒ ඉන්දීය සම්භවයක් සහිත රිෂි සුනාක් පරාජයට පත් කරමිනුයි.

ලිස් ට්‍රස් හෙට දිනයේදී 02 වන එළිසබෙත් රැජිණ හමුවීමෙන් පසු අගමැති ධුරයට නිල වශයෙන් පත්ව නව රජය පිහිටුවිමට නියමිතයි.

මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය.

වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සර්වටිව් පක්ෂයයි.

පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි.

47 හැවිරිදි ලිස් ට්‍රස් පක්ෂ නායකත්වය හිමිවී තරේසා මේ සහ මාග්‍රට් තැචර්ගෙන් පසු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව වනු ඇත.

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට නව නායකයකු පත් කර ගැනීමට සිදුවූයේ පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවූ බොරිස් ජොන්සන් ඉන් ඉවත් වූ බැවිනි.

ජොන්සන් ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහුගේ ක්‍රියාකලාපය පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වුණු බැවිනි.

ඒ අනුව, පසුගිය ජූලි මාසයේ සිට පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම් පැවැත්විණි.

අවසාන වටයට ආ අපේක්ෂකයන් දෙදෙනා වූයේ ලිස් ට්‍රස් සහ රිෂී සුනාක් ය.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »