Search

නවසීලන්තයේ ලාංකික වෛද්‍යවරයෙකුට රැජිණ වෙනුවෙන් සම්මානයක්

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන අශෝක ඩයස් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ ප්ලැටිනම් ජුබිලිය නිමිත්තෙන් පිරිනමන සේවා පදක්කමකින් පිදුම් ලබා තිබේ.

ඒ, සෞඛ්‍ය සේවාව සහ ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා සිදුකළ විශිෂ්ට සේවාව අගයමිනි.

නවසීලන්තයේ පදිංචිව සිටින වෛද්‍ය අශෝක ඩයස් වෙත සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ නවසීලන්ත ආණ්ඩුකාරවරිය වන Cindy Kiro අතිනි.

නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට මෙන්ම මෙරට පුරවැසියන් වෙනුවෙන් කළ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කෙරුණි.

ජනතාවගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය අශෝක ඩයස් සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ.

එමෙන්ම කොවිඩ් – 19 වසංගත සමයේ ඉහළ ප්‍රවාහයක් සහිත ඔක්සිජන් ජනන යන්ත්‍ර ශ්‍රී ලංකාවට සැපයීමට ඒ මහතා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ රෝහල් වෙත ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළක් ද වෛද්‍ය අශෝක ඩයස් ගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »