වික්ටෝරියානුවන් ඉලක්ක කල ඔන්ලයින් සුනඛ ජාවාරමක්

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් ඉලක්ක කර සුරතල් සුනඛයන් අලෙවි කරන බවට පවසා අන්තර්ජාලයේ පළකරන ව්‍යාජ දැන්වීම් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඇතැමුන් ඩොලර් 10,000 ක් වැනි ඉහළ මුදල් පවා මෙලෙස අහිමිකරගෙන ඇති බව සඳහන්.

Cavoodles, French Bulldogs, Mini Teacup Puppies, Golden Retrievers, Corgies and Dachshunds යන උසස් වර්ගවල සුනඛයන් අලෙවි කරන බවට දැන්වීම් පළකර පළමුවෙන් මුලු මුදලම හෝ කොටසක් ලබාගෙන වංචා කිරීම් මෙහිදී සිදුවන බවයි තහවුරු කරගෙන ඇත්තේ.

මුදල් ලබාගත් පසු ඔවුන් එතෙක් භාවිත කල දුරකථන අංක භාවිතයට නොගන්නා බවද වංචාවට හසුවූවන් පවසා තිබෙනවා.

ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ හැකිතාක් මුහුණට මුහුණ මුණ ගැසී ගනුදෙනු සාකච්ඡා කරගන්නා ලෙසයි.

එසේ නොමැතිනම් අවම වශයෙන් වීඩියෝ ඇමතුමක් හෝ ගෙන සුනඛයා පෙන්වන ලෙස ඉල්ලීමක් කරන්නැයිද දැනුම්දීමක් සිදුකෙරෙනවා.

Anyone buying a pet online is advised to:
  • Do a reverse text and image search for the pet being advertised. If the search returns a match on multiple websites, you’re likely dealing with a scam.
  • Try to meet the pet in person before handing over money. If it’s not possible, ask the seller to do a video call where you can see them handling and playing with the pet.
  • Be cautious of sellers offering cheap prices for pets.
  • Pause before agreeing to pay extra, unexpected costs such as additional shipping fees or vet bills.
  • Beware of sellers who won’t communicate by phone, only through text or email.
  • Seek advice about the seller from a reputable breeder’s association, such as dogsvictoria.org.au. Otherwise conduct checks on websites being used that may be linked to suspicious scams.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »