වැඩිකල 35,000 කෝටාවෙන් Aged care ක්ෂේත්‍රයට වාසියක්

2022-23 වසරට අදාළව ඉහළ දමන ලද 35,000 ක සංක්‍රමණික කෝටාවෙන් සැළකිය යුතු ප්‍රමාණයක් Aged care ක්ෂේත්‍රයේ රැකියා සඳහා වෙන්වනු ඇති බවට අනාවැකි පළවනවා.

ඔස්ටේ්‍රලියා වැඩිහිටි සත්කාරක ක්ෂේත්‍රයේ ආයතන මගින් ඇස්තමේන්තු කොට ඇති පරිදි දැනට එම ක්ෂේත්‍රයේ පුරප්පාඩු 60,000 ක් පමණ පවතිනවා.

ඉන් 45,000 ක්ම සුදුසුකම් ලත් වැඩිහිටි රැකවරණ සේවකයින් සඳහා වන පුරප්පාඩු බවද සඳහන්.

මේ හේතුවෙන් අදාළ රැකියාවල නිරතවිය හැකි නිපුණතා සහිත දක්ෂ සංක්‍රමණිකයන් අවශ්‍ය බව වැඩිහිටි සත්කාරක ක්ෂේත්‍රයේ ආයතන විසින් ෆෙඩරල් රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර තිබුණා.

මෙම රැකියා ඉතාම ඉක්මණින් සම්පූර්ණ කල යුතු බැවින් වැඩි කරන ලද කෝටාවෙන් සැළකිය යුතු සංඛ්‍යාවක් Aged care ක්ෂේත්‍රයට වෙන් කරන්නැයිද අඛණ්ඩව ඉල්ලීම් ඉදිරිපත් වනවා.

විශේෂයෙන් සේවක හිගය හමුවේ එකම සේවක පිරිසෙන් වැඩි පැය ගණනක් සේවා ඉටු කරගැනීම ප්‍රායෝගික නැතැයි වැඩිහිටි සත්කාරක ක්ෂේත්‍රයේ ආයතන අවධාරණය කරනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »

පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

Read More »