
ගෝල්ඩ් කෝස්ට් නගරයේ theme park එකක roller-coaster යක් ක්‍රියාවිරහිත වී පුද්ගලයන් 04 දෙනකු එතුළ සිරවී තිබෙනවා.
ඔවුන් මීටර් 10 ක් පමණ ඉහළින් සිරවී සිටි බව සඳහන්.
ගෝල්ඩ් කෝස්ට් හි Movie World හිදී මෙම අනතුර අද පස්වරු 03.30 ට පමණ වාර්තා වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ගිනි නිවීම් භටයන් විසින් පැයකට වැඩි කාලයක් පුරා අදාළ පිරිස ගලවා ගැනීමට උත්සාහ දරමින් සිටින බවටයි තොරතුරු පවතින්නේ.
මීට හේතුව තාක්ෂණික දෝෂයක් හමුවේ roller-coaster උපකරණය හදිසියේ ක්‍රියාවිරහිතවීම බව සඳහන්.

කෙසේවෙතත් කිසිදු අයෙකුට තුවාල සිදුවිමක් සිදුව නොමැති බවද තහවුරු වී තිබෙනවා.