Search

ලබන සතියේ ක්වන්ටාස් සේවක වැඩ වැරුමක්

ක්වන්ටාස් ගුවන් සමාගම් සේවකයන් සැළසුම් කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් ගුවන් තොටුපළ කිහිපයක මෙහෙයුම් සඳහා ලබන සතියේදී දැඩි බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ක්වන්ටාස් සැපයුම් ජාලය නියෝජනය කරන සේවකයන් විශාල පිරිසක් සැප්තැම්බ්ර් 12 වනදා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇති අතර ඒ අනුව සිඩ්නි – බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළවල ගුවන් ගමන් මෙහෙයුම් සඳහා අවහිරතා මතුවනු ඇති බව සඳහන්.

පැය 24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර ground handling කටයුතුවලට වැඩිම බලපෑමක් එල්ලවනු ඇතැයි සඳහන්.

වැටුප් වැඩි කිරීම සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නංවන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

මෙහිදී ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වැඩිම බලපෑමක් එල්ලවනු ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සඳහාද සැළකිය යුතු බාධාවන් ඇතැයි අනතුරු ඇගවෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »