වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදයන් සහ අඩුපාඩු ඇතුළත් වාර්තා 02 ක්

කොවිඩ් වසංගත තත්වය එළැඹිමත් සමග වික්ටෝරියා ගිලන් රථ සේවයේ ප්‍රමාදයන් සහ අඩුපාඩු ඇතුළත් වාර්තා 02 ක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීමට දීර්ඝ කාලයක් ගැනීම / ගිලන් රථ නොමැතිවීම / පැමිණීමේ ප්‍රමාදයන් ඇතුලු දෝෂ ගණනාවක් පිළිබඳ තොරතුරු ඊට ඇතුළත්.

2020 සහ 2021 අතර කාලයේදී වික්ටෝරියා ගිලන් රථ සේවයට ලැබී ඇති දුරකථන ඇමතුම් සංඛ්‍යාව 53,000 ක් හෙවත් සියයට 6.4 කින් පමණ වැඩිවී ඇති බවයි මෙම වාර්තාවල දැක්වෙන්නේ.

2021 සහ 2022 අතරදී එය සියයට 12 කින් පමණ ඉහළ ගොස් ඇත්තේ පෙර වසරට සාපේක්ෂව ඇමතුම් 106,000 ක පමණ වැඩිවීමක් සටහන් කරමින්.

ගිලන් රථ ප්‍රමාදයන් වළක්වා අසාධ්‍ය රෝගීන්ගේ මරණ වළක්වාගැනීමට ගත යුතු පියවර පිළිබඳවද මෙම වාර්තාවල අන්තර්ගතයි.

ගතවූ කාල සීමාව තුළදී එලෙස වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 33 ක්.

හදිසි ප්‍රතිචාර කළමණාකරණයට නව ඒකකයක් පිහිටුවිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »