වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ඇදුම සහ hay fever ගැන දැනුම්දීමක්

ශීත සෘතුව අවසන්වී වසන්ත සමය එළැඹීමත් සමග බෝ නොවන රෝග කිහිපයක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

විශේෂයෙන් ඇදුම සහ hay fever රෝගී තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් වහා වෛද්‍ය උපදෙස් පතා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

එළඹෙන සති කිහිපයේදී ගිගුරුම් සහිත වැසි සහිත කාළගුණ තත්වයක් උදාවීමත් හමුවේ රෝගී තත්වයන්හි ඉහළයාමක් අපේක්ෂා කිරීම ඊට හේතුවයි.

ලබන ඔක්තෝබර් පළමුවනදා සිට VicEmergency ඇප්ලිකේෂනය හරහා දෛනික අවධානම් තත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීමටද අවස්ථාව උදාවනවා.

ගිගුරුම් සහිත වැසි හෝ සුළං තත්වයන් හිදී හැකිතාක් නිවාස තුළටම වී සිටින ලෙසටද මුලික උපදෙස් ලබාදීමක් සිදුකෙරෙනවා.

2016 වසරේදී වසන්ත සමයේ ඇදුම රෝග තත්වය හේතුවෙන් පුද්ගල මරණ 16 ක් වාර්තා වී තිබුණා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »