ගෝඨාභය සහ බිරිඳ සති 07 කට පසු නැවත දිවයිනට

මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සති 07 කට පසු නැවත දිවයිනට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

ඉකුත් ජුලි මස 09 වෙනිදා ඇතිවූ මහජන විරෝධතාත් සමග ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා ගිය අතර පසුව ජුලි මස 14 වෙනිදා සිංගප්පුරුවට පැමිණීමෙන් පසු ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූවා.

දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි වාර්තා වුයේ.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »