ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමේ සැකකරුට දඩුවම් දෙසැම්බරයේ

මීට මාස කිහිපයකට ඉහතදී දැඩි ආන්දෝලනයට තුඩු දුන් බටහිර ඔස්ටේ්‍රලියාවේ ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරු වන Terence Darrell Kelly නමැත්තාට දඩුවම් නියම කිරීම ලබන දෙසැම්බර් මාසයට නියම කර තිබෙනවා.

16 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු බලහත්කාරයෙන් පැහැර ගැනීම යන චෝදනා යටතේ මෙම තැනැත්තා වරද පිළිගෙන තිබුණා.

බටහිර ඔස්ටේ්‍රලියා දිස්ත්‍රික් අධිකරණයකදී නඩුව අද විභාගයට ගැණුනු අතර එහිදී අධිකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි එකග වී ඇත්තේ.

දෙසැම්බර් 13 සහ 14 යන දිනවල නඩු විභාගය පවත්වා දඩුවම් නියම කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.

දින 18 ක් අතුරුදන්ව සිටි ක්ලියෝ ස්මිත් දැරිය පසුගිය නොවැම්බර් මාසයේදී සොයාගැණුනේ ඇය අතුරුදන්වූ කඳවුරු භූමියේ සිට කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි නිවසක සිටියදීයි.

එය එවක ලොව පුරා ප්‍රමුඛ පුවතක් බවටද පත්වුණා.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »