Australia Post තැපැල් කාර්යාල කිහිපයක් වසා දැමීමේ තීරණයක

නාගරික ප්‍රදේශවල පවතින තැපැල් කාර්යාල 30 ක් වසා දැමීමට Australia Post අවධානය යොමුකර තිබෙනවා.

කොවිඩ් වසංගත සමයෙන් පසු පාරිභෝගිකයන් වැඩි වශයෙන් ඔන්ලයින් ක්‍රමයට සේවා ඉටු කර ගැනීමට පෙළඹීමෙන් තැපැල් කාර්යාල වෙත පැමිණීමේ අඩුවක් නිරීක්ෂණය වී තිබීමයි ඊට හේතුව වන්නේ.

ඔස්ටේ්‍රලියාව පුරා තැපැල් කාර්යාල 4000 ක් පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු Australia Post විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රාදේශීය හෝ දුෂ්කර ප්‍රදේශවල පවතින කිසිදු තැපැල් කාර්යාලයක් මෙලෙස වසා දැමීමට නිර්දේශිත තැපැල් කාර්යාල අතරට අයත් නොවන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

සමස්ත තැපැල් කාර්යාල අතුරින් සියයට 01 කටත් ප්‍රමාණයක් වසා දැමීමෙන් තැපැල් මෙහෙයුම් සඳහා බාධාවක් එල්ල නොවන බවයි Australia Post වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »