බටහිර ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ රෙගුලාසි තවත් ලිහිල් කරයි

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ රෙගුලාසි තවත් ලිහිල් කිරීමට තීරණය වී තිබෙනවා.

මේ අනුව ලබන සිකුරාදා සිට පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ භාවිතයද අනිවාර්ය නොවනු ඇති.

කුළී රථ සහ අන්තර් ප්‍රාන්ත ගුවන් ගමන් වලදී මුහුණු ආවරණ භාවිතයද එදින සිට අනිවාර්ය නොවන බව ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලා.

කෙසේවෙතත් ගෘහස්ථ කටයුතුවලදී සහ ජනතාව ඒකරාශිවන අවස්ථාවලදී මුහුණු ආවරණ භාවිතය තවදුරටත් සිදුකල යුතු බවටයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

aged care මධ්‍යස්ථාන වෙත පැමිණිය හැකි අමුත්තන්ගේ සංඛ්‍යාව ඇතුළත් සීමා ලිහිල් කිරීම අද සිට බලාත්මකයි.

ඒ අනුව එක් එක් ආයතනය වෙත පැමිණිය හැකි බාහිර අමුත්තන් සංඛ්‍යාව තීරණය කිරීම එම මධ්‍යස්ථාන වෙතම පවරා තිබෙනවා.

කෙසේවෙතත් aged care මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී එන්නත්කරණයට ලක්ව සිටීම සහ මුහුණු ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස පවතිනු ඇති.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »