Search

ඔස්ටේ්‍රලියා වීසා අයදුම්පත් ගැන අලුත් තීරණයක්

2022/23 වසර සඳහා ලැබෙන වීසා අයදුම්පත් සළකා බැලීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 36.1 ක අමතර මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

දැනට ගොඩ ගැසී පවතින අයදුම්පත් සලකා බලා අවසන් කිරීමට සහ ඉදිරියේදී විශාල අයදුම්පත් සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි යන උපකල්පනය මතයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර ඉදිරි මාස 09 තුළදී තවත් වීසා නිලධාරීන් 500 ක් සේවයට බඳවා ගැනීමටද රජය සැළසුම් කර තිබෙනවා.

කැන්බරා නුවර පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුලුවේදීයි මෙම තොරතුරු අනාවරණය වූයේ.

කෙටි කාලීන සංක්‍රමණිකයන් වෙනුවට ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය ගොඩනැගිය හැකි දීර්ඝ කාලීන සංක්‍රමණිකයන් වැඩි කර ගැනීම ලේබර් පක්ෂ රජයේ අපේක්ෂාව බව මෙහිදී සඳහන් කෙරුණා.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »