ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණික කෝටාව 35,000 කින් ඉහළට

2022/23 වසර සඳහා වන ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණික කෝටාව 35,000 කින් ඉහළ දමා තිබෙනවා.

කැන්බරා නුවර පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුලුවේදියි ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනිල් විසින් එය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ.

හෙදියන් සහ ඉංජිනේරුවන්ට එහිදී වැඩි අවස්ථාවක් හිමිවන බවද ඇය සඳහන් කලා.

ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ කෝටාව පවතින්නේ වසරකට 160,000 ක් ලෙස වන අතර එය 40,000 කින් ඉහළ දැමෙනු ඇති බවටයි මීට පෙර වාර්තා පළවුයේ.

ව්‍යාපාර හිමිකරුවන් සහ සේවා යෝජකයන්ද ඒ සඳහා එකගතාවය පළකර තිබුණා.

2010 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ වාර්ෂික සංක්‍රමණ කෝටාව 190,000 ක් ලෙස පැවති නමුත් පසුගිය ලිබරල් සන්ධාන පාලන සමයේ 2019 වසරේදී එය 160,000 ක් දක්වා අඩු කරනු ලැබුවා.

මේ අතර ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් මෙහිදී සඳහන් කලේ ඉදිරිf්දී ඔස්ටේ්‍රලියානු ජාතිකයන්ට වැඩි පුහුණු අවස්ථා සැපයීමට අමතර මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »