Search

Child care ප්‍රතිසංස්කරණ වහා ඉටු කරන්නැයි වික්ටෝරියා අගමැති ඉල්ලයි

බලයට පැමිණීමෙන් පසු සිදුකරන බවට ෆෙඩරල් මැතිවරණයේදී ලබාදුන් child care ප්‍රතිසංස්කරණ වහා ඉටු කරන්නැයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව ඩොලර් 80,000 ක් දක්වා වාර්ෂික ආදායමක් උපයන පවුල්වල පළමු දරුවාට child care සහනාධාරය සියයට 90 ක් දක්වා ලබාදීම වහා ක්‍රියාත්මක කල යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඊට අමතරව වාර්ෂික ආදායම ඩොලර් 530,000 දක්වා උපයන සෑම පවුලකටම කුමන හෝ සහනයක් හිමවිය යුතු බවත් අගමැතිවරයා පෙන්වා දෙනවා.

ඔහු මේ බව කියාසිටියේ කැන්බරා නුවර පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුලුව අමතමිනුයි.

child care සඳහා වැඩි වශයෙන් සහන ලබාදීමෙන් කාන්තාවන් වැඩි වශයෙන් සේවයට කැඳවා ගත හැකි බවද ඩැනියල් ඇන්ඩෲස් මෙහිදි සඳහන් කලා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »